Update : ත්‍රිකුණාමලයේදී අතුරුදන් වූ ළමයින් දෙදෙනා සොයා ගැනේ

Tuesday, 13 September 2016 - 9:20

Update+%3A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ත්‍රිකුණාමලය - උප්පුවේලි - මිහිඳුපුර ප්‍රදේශයේදී අතුරුදන් වූ අවුරුදු 9ක ගැහැණු දරුවා සහ අවුරුදු 11ක පිරිමි දරුවා නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා.

ඒ, ඔවුන් මඩකලපුව බලා යන දුම්රියේ ගමන් ගනිමින් සිටියදියි. ඥාතීන් වන මෙම ළමයින් දෙදෙනා ඊයේ පස්වරුවේ අතිරේක පන්තියකට සහභාගිවීම සඳහා ගොස් ඇති අතර රාත්‍රිය වන තුරු නිවසට නොපැමිණීම නිසා දෙමව්පියන් පොලීසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ළමයින් සෙවීමේ කටයුතු ආරම්භ කළා.

මෙම ළමයින් පිළිබදව සැක සිතුණු දුම්රියේ ගමන් ගත් කාන්තාවක් කළ දැනුම් දීමකට අනුවයි ළමයින් දෙදෙනා වාලච්චේන ප්‍රදේශයේදී සොයාගෙන ඇත්තේ.



Update : Tuesday, September 13, 2016 : 12.51
............................................................................................

ත්‍රිකුණාමලය - උප්පුවේලි ප්‍රදේශයේදී අවුරුදු 9ක ගැහැණු දරුවෙකු සහ අවුරුදු 11ක පිරිමි දරුවෙකු අතුරුදන්වීම පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

ඥාතීන් වන මෙම ළමයන් දෙදෙනා ඊයේ පස්වරුවේ අතිරේක පන්තියකට සහභාගිවීම සඳහා ගොස් ඇති අතර රාත්‍රිය වන තුරු නිවසට නොපැමිණීම නිසා දෙමව්පියන් විසින් පොලීසියට පැමිණිලි කර ඇති බව සදහන්.

ඒ අනුව පොලිස් කණ්ඩායම් 5ක් යොදා එම ළමයින් සෙවීම සඳහා කටයුතු කරන බවයි උප්පුවේලි පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories