විවිධ වර්ගවල විදුලි පේනු සහ කෙවිනි අලෙවිය 2018 සිට තහනම්

Tuesday, 13 September 2016 - 13:49

%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9A%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+2018+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
හඳුන්වාදෙන ප්‍රමිතියෙන් පරිබාහිර විදුලි පේනු සහ කෙවිනි 2018 වසරේ අගෝස්තු මස 16 වන දා සිට ආනයනය කිරීම සහ අලෙවිය සම්පුර්ණයෙන් තහනම් කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

විදුලියෙන් සිදුවන හානි අවම කර ගැනීමේ අරමුණින් ප්‍රමිතියකින් යුතු විදුලි පෙනු සහ කෙවිනි හදුන්වා දෙන බවයි එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

2018 වසරේ අගෝස්තු මස 16 වන දා සිට ආනයනය කරන විදුලි උපකරණවල ද අදාල ප්‍රමිතිය තිබීම අනිවාර්ය බව මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories