ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා දකුණු කොරියානු ගුවනේ

Tuesday, 13 September 2016 - 13:57

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%9A
න්‍යෂ්ටික අවි එල්ල කිරීමේ හැකියාවක් ඇති ඇමරිකානු බී - 1, ලැන්සර් වර්ගයේ සුපර් සොනික් ප්‍රහාරක යානා දෙකක් දකුණු කොරියානු ගුවනේ අද උදෑසන සැරි සැරූ බව විදෙස් වාර්තා සදහන් කළා.

එය උතුරු කොරියාව පසුගිය දා සිදුකළ 5 වන න්‍යෂ්ටික පිපිරුමට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි සැලකෙන්නේ.

එමෙන්ම උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනයකදී දකුණු කොරියාවට සහයෝගීතාව පළ කිරීම ද ඇමරිකානු ප්‍රහාරක යානා එහි පැමිණීමට හේතුවක්.

ඇමරිකානු ප්‍රහාරක යානා උතුරු කොරියාව සමඟ පවතින දේශසීමා ප්‍රදේශය ආසන්නයටම ගමන් කළ බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories