වැට් සංශෝධන අවුලක් නම් යළි උසාවි යන්න ඒකාබද්ධ විපක්ෂය සැරසේ

Tuesday, 13 September 2016 - 18:07

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
කැබිනට් මණ්ඩලයේදී පනත් කෙටුම්පතට අනුමැතිය  හිමි වීමෙන් පසු පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ මෙම වැට් සංශෝධනයේද අඩුපාඩු ඇත්නම් යළි ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සූදානම් බවයි.

එසේම අතීතයට බලපාන පරිදි යළි වැට් බදු සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ විපක්ෂයද පවසනවා.

කොළඹ අද කැඳවා  තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.  පීරිස් මේ බව කියා සිටියා.

මේ අතර මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ දුම්වැටි සඳහාද බදු ඉහළ දැමීමට රජය කටයුතු කළ යුතු බවයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී.තෙන්නකෝන් කියා සිටියේ වැට් බදු හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් සිදුනොවන බවයි.

ඔහු ඒ බව සඳහන් කළේ මාධ්‍යවේදීයෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories