ගව ඝාතකයන් පිලිබඳ පොලිසියට තොරතුරු දීම හේතුවෙන් ගම්මුන්ට ප්‍රහාරයක්

Wednesday, 14 September 2016 - 7:37

%E0%B6%9C%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාවනැල්ල ප්‍රදේශයේ අනවසර ගව ඝාතකාගාරයක් පිළිබඳ තොරතුරු හෙළි කිරීම පිළිබඳව උරණ වූ එය පවත්වාගෙන යන පිරිසක් ගම්වාසීන්ට පහරදී තිබෙනවා.

එම පහ දීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

ගම්වාසීන් චෝදනා කරන්නේ මෙහි සියලු අපද්‍රව්‍ය හිඟුල් ඔයට මුදා හරිනා බවයි.

මාවනැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් දරද්දී පසුගිය 11 වැනිදා කෑගල්ල පොලිසිය මෙම ස්ථානය වටලා සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළා.

කෙසේ වෙතත් ඊයේ දිනයේ ගව ඝාතකයන් නීති විරෝධී ගව ඝාතකාගාරය නැවත විවෘත කිරීමට කටයුතු කළ බවයි ගම්වාසීන් පවසන්නේ.

ගම්වාසීන් මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ කෑගල්ල පොලිස් ස්ථානයට නැවතත් තොරතුරු ලබාදුන් බවට චෝදනා කරමින් ගවඝාතකාගාරය පවත්වාගෙන ගිය පිරිස ගම්වාසීන්ට පහර දී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories