ලෝක තහනම් උත්තේජක ඒජන්සියෙන් රුසියානු හැකර්වරුන්ට චෝදනා

Wednesday, 14 September 2016 - 9:07

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%A2%E0%B6%9A+%E0%B6%92%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ඔලිම්පික් නියෝජනය කරන ඇමරිකානු ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජක වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් ලෝක තහනම් උත්තේජක ඒජන්සිය, රුසියානු හැකර්වරුන්ට චෝදනා එල්ල කර තිබෙනවා.

පසුගිය දා රුසියානු හැකර්වරුන් සරීනා විලියම්ස්, වීනස් විලියම්ස්, සිමෝන් බයිල්ස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක වාර්තා ප්‍රසිද්ධියට පත් කර තිබුණා.

විශේෂයෙන් සිමෝන් බයිල්ස් ක්‍රීඩිකාවගේ තහනම් උත්තේජක වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරමින් ප්‍රකාශයට පත් කර තිබුණේ ඇය විසින් තහනම් උත්තේජකයක් භාවිත කර ඇති බවටයි.

තමන් ලෝක තහනම් උත්තේජක ඒජන්සියේ අනුමැතිය මත කිසියම් රෝගාබාධයක් සඳහා මෙම ඖෂධය භාවිත කරන බවට සිමෝන් බයිල්ස් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, රුසියානු හැකර්වරුන්ට චෝදනා එල්ල කරන ලෝක තහනම් උත්තේජක ඒජන්සිය වැඩිදුරටත් පවසන්නේ ඔවුන් ද්වේශසහගතව මෙම වාර්තා එළි දක්වා ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories