සිඟිති දියණියගේ නම විකුණා මුදල් ගැරූ පියෙක්

Wednesday, 14 September 2016 - 9:58

%E0%B7%83%E0%B7%92%E0%B6%9F%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ව්‍යාජ ටිකට්පත් මුද්‍රණනය කර තම දියණියගේ සැත්කමට බව පවසා බස් රථවලට පැමිණ මගීන්ගෙන් මුදල් එකතුකළ පුද්ගලයෙකු තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුරයේ සිට කුරුණෑගල දෙසට ධාවනයවූ බස්රථ මගියකු තලාව පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ.

එම පුද්ගලයා අධිකරණය මඟහැර සිටිම හේතුවෙන් වරෙන්තු නිකුත්කර ඇති පුද්ගලයෙක් බවයි වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

ඔහු සතුව තිබියදී ව්‍යාජ ලිපි ලේඛන කිහිපයක්ද පොලිසිය සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම පුද්ගලයා මරදන්කඩවල පදිංචිකරුවකු වන අතර නොච්චියාගම අධිකරණය වෙත ඉදිරිපත්කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories