ආදිවාසී නායකයාගෙන් මැසිවිල්ලක්

Wednesday, 14 September 2016 - 12:48

%E0%B6%86%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ආදීවාසී ගම්මානවල ඉඩම් ඇතැම් පුද්ගලයන් මිලදී ගෙන පදිංචිවීම නිසා තම රැහේ ජීවන රටාවට තර්ජනයක් මතු වී ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් පවසනවා.

දඹාන ආදිවාසී ගම්මානයේ දී ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ආදිවාසී නායකයා සදහන් කළේ මෙලෙස ඉඩම් මිලදී ගන්නා පිටස්තර පුද්ගලයින් ගොඩනැගිලි ඉදිකර මත්පැන් විකිණීම වැනි සමාජ විරෝධී කටයුතුවල නිරත වන බවයි.

මේ සම්බන්ධයෙන් සංදේශයක් තමන් බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලබාදුන් බව ද ඔහු මෙහිදී සදහන් කළා.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය බදුල්ල දිස්ත්‍රික් ලේකම් ගාමිණී මහින්දපාලගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ ආදිවාසී නායකයා ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලට අනුව විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories