බෑන්කී මූන්ගෙන් විශේෂ ඉල්ලීමක්

Thursday, 15 September 2016 - 7:35

%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජගත් සංවිධාන ආධාර රැගත් රථ සිරියාවට ඇතුලූවීම සඳහා අවශ්‍ය පහසුකම් සළසන  ලෙස ජගත් සංවිධාන මහ ලේකම් බෑන්කී මූන් රුසියාවෙන් සහ ඇමරිකාවෙන් ඉල්ලා තිබෙනවා.

ආධාර රැගත් රථ ඊයේ දිනයේදී සිරියාව වෙත පිටත් කර හැරියත්  එය මේ වනවිට රට තුළට ඇතුලූවීමට අවස්ථාව ලැබී නැහැ.

මේ නිසා තුර්කි දේශසීමාව ආසන්නයේ සිරවී සිටින 40000 ක පමණ සිරියානු වැසියන්ට ආධාර ලබාදීමට නොහැකිවී ඇති බවයි ජගත් මහ ලේකම්වරයා සඳහන් කළේ.

සිරියාව තුළ දින දෙකක සටන් විරාමයක් දැනට ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් ජගත් මහ ලේකම්වරයා රුසියාවෙන් සහ ඇමරිකාවෙන් ඉල්ලා සිටියේ ආධාර රැගත් රථ සඳහා සිරියාවට ඇතුලූවීමට අවශ්‍ය මාර්ගය සකස් කරන ලෙසයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories