Update : මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට

Thursday, 15 September 2016 - 10:00

Update+%3A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) අත්අඩංගුවට ගත්තා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරු 9යි 30ට පමණ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදීයි.  

මුදල් විශුද්ධිකරණ පනත යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව කර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණවලට අදාලවයි ඔහු මෙම ප්‍රකාශය ලබාදීමට රහස් පොලිසිය වෙත පැමිණ සිටියේ.

බොරැල්ල - කිංසි පාරේ පිහිටි මන්ත්‍රීවරයාට අයත් නිවසක් ඉදිකිරීම සඳහා මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ගැටළු සහගත බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඔහු අද අලුත්කඩේ මහේ්ස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Update : Thursday, September 15, 2016 : 10.26
...........................................................................................


හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ උදෑසන 9.30 ට පමණ ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories