රාජගිරියේ ප්‍රසිද්ධ පාසලක සිසුන් පිරිසක් සිසුවකුට පහරදෙයි

Thursday, 15 September 2016 - 10:47

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රාජගිරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් පිරිසක් විසින් සිසුවකුට පහර දී තිබෙනවා.

මේ පිළිබඳව එම පාසලේ විදුහල්පති සඳහන් කළේ දෙමව්පියන් විසින් තමන් දනුම්වත්කර ඇති අතර පහර කෑමට ලක්වූ සිසුවාගේ දෙමව්පියන් රාජගිරිය පොලිසියට පැමිණිලිකර ඇති බවයි.

මෙම පහර දීම පසුගිය සිකුරාදා (09) කර ඇති බව මව්පියන් ප්‍රකාශ කර ඇති අතර, නමුත් ඊට පෙර දිනක මෙය සිදුව ඇති බවයි විදුහල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් පරිදි පාසලේ විනය කමිටුව මේ පිළිබඳව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි විදුලපති තවදුරටත් කියා සිටියේ.

රාජගිරිය පොලිසියන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි නලධාරියකු ප්‍රකාශ කළේ මෙම පහර දීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර එය විභාගවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories