ව්‍යාජ පොලිස්පති ෆේස්බුක් ගිණුමේ නිර්මාණකරු බන්ධනාගාරයට

Thursday, 15 September 2016 - 13:08

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර කාන්තාවන් රැවටූ බවට අත්අඩංගුවට ගත් තරුණයා මේ මස 19 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ මොහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

19 හැවිරිදි මෙම තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීයි.

අද නඩුව කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණය කරන බවයි.

එමෙන්ම මෙම තරුණයාගේ ජංගම දුරකතනය පිළිබඳව වාර්තාවක් ලබාගන්නා බවද රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories