රේගු නිලධාරීන් අද ලෙඩ වෙයි

Thursday, 15 September 2016 - 13:13

%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව රේගු පනතට එරෙහිව රේගු නිලධාරින් අද (15) ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

නව රේගු පනතට එරෙහිව රේගු නිලධාරින් අද සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබුණත් රේගු නිලධාරින්ගේ ආරක්ෂාව මත වර්ජනයෙන් ඉවත්ව ලෙඩ නිවාඩු වාර්තා කළ බවයි රේගු වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති විපුල මිනුවන්පිටිය කියා සිටියේ.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා කටුනායක ගුවන්තොටුපලේ අපනයන, මගී භාණ්ඩ නිෂ්කාශන සහ තැපැල් යන අංශවල  සාමාන්‍ය පරිදි රාජකාරි සිදු කෙරෙන බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.
 
මේ අතර, කම්කරු නිලධාරින්ගේ වර්ජනය අද අටවන දිනටත් ක්‍රියාත්මකයි.

කම්කරු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවට කම්කරු කොමසාරිස් ජනරාල්වරිය ඊයේ නිවේදනය කර තිබුණත් අද දිනයේ ඔවුන් සේවයට වාර්තාකර තිබුණේ නැහැ.

කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහ ගත කිරීමේ ක්‍රියාවලිය ඇතුලු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා සිටින රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයට අයත් නිලධාරීන් වර්ජනයක් ආරම්භ කළේ පසුගිය හත්වනදායි.  

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories