කිලිනොච්චි ගින්නට හේතුව විදුලි කාන්දුවක් දැයි සැක

Saturday, 17 September 2016 - 7:59

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
කිලිනොච්චිය නගරයේ පිහිටි පොදු වෙළඳ සංකීර්ණයේ හට ගත් ගින්න කිසියම් කඩාකප්පල්කාරී හේතුවක් මත සිදුනොවූවක් බව පොලිසිය අවධාරණය කළා.

ඊයේ (16) රාත්‍රියේ හටගත් මෙම ගින්න විදුලි කාන්දුවක් මත සිදුවන්නට ඇති බවටයි සැක මතුව ඇත්තේ.

ගින්න හේතුවෙන් වෙළඳසැල් සියයකට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, තවත් වෙළඳසැල් කිහිපයකට අර්ධ හානි සිදුවුණා.

ගින්න ආරම්භවීමත් සමඟ එය පාලනය කිරීමට කිලිනොච්චිය පොලිසිය, යුද හමුදාව, ගිනි නිවීම් ඒකකය මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහත් පරිශ්‍රමයක් දැරුවද පවතින වියලි කාලගුණය සහ සුළඟ ගින්න ව්‍යාප්තවීමට හේතු වී තිබෙනවා.

මේ අතර, ගින්නෙන් සිදුවූ අලාභය ද තක්සේරු කරමින් සිටින බවයි කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories