ඒකමතික ව්‍යවස්ථාවක් ගැන රජයට අපේක්ෂා

Saturday, 17 September 2016 - 17:10

%E0%B6%92%E0%B6%9A%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F
සියලූ පාර්ශවයන්ගේ සහයෙන් ඒකමතික ව්‍යවස්ථාවක් සැකසීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (17) එක්වෙමින්.

මෙම පරිපාලන සංකීර්ණය සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 850 ක්.

තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකම එක් තීරණයක සිටින බවයි.

‘‘එක්සත් ජාතික පක්ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඒ ගැන තියෙන්නේ එකම මතයක්.
මේ ප්‍රශ්නේ විසඳන්න තමයි අපි ජාතික ආණ්ඩුවක් හැදුවේ.
අපි අද බලන්නේ පාර්ලිමේන්තුවේ හැම එක්කෙනාම මේකට සම්බන්ධ කරගෙන ඉදිරියට යන්නයි.
මහ ඇමතිතුමා කිව්වා තවම මේ ගැන වාර්තාවක් නිකුත් කරලා නෑ කියලා.
අපි තවම ඒ ගැන සාකච්ඡා කරනවා, ඒකේ පසුබිම මම කියන්නම්.
අපි ව්‍යවස්ථාව සකස් කරන්න සම්පාදක මණ්ඩලයක් විදියට පාර්ලිමේන්තුවම පත් කළා.
එහි ප්‍රධාන අයගෙන් මෙහෙයුම් කමිටුවක් පත්කරලා තියෙනවා. අපි බලන්නේ බහුතර මතය නෙවෙයි, පුළුවන් නම් එක තැනකට සියලු දෙනා ගේන්න.
එක මතයකට එන්න. මෙහෙයුම් කමිටුව භාර ගත්තා ඡුන්ද ක්‍රමය, බලය බෙදීම සහ විධායක ජනාධිපති ක්‍රමය ගැන තීරණයකට එන්න.’’ යනුවෙන් අගමැතිවරයා ප්‍රකාශ කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories