වත්තල - හුණුපිටිය - දිප්පිටිගොඩ ප්රදේශයේ ප්ලාස්ටික් කර්මාන්තශාලාවක අද අලුයම හටගත් ගින්න මීට ටික වේලාවකට පෙර පාලනය කෙරුණා.
කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ අලුයම හතරට පමණ හටගත් ගින්න විශාල ප්රදේශයක් පුරා පැතිර ගොස් තිබූ බවයි.
එය පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 6 ක් එම ස්ථානයට පිටත් කර යැවුණා.
පැය 8 කට ආසන්න කාලයක් සිදුකළ ගිනි නිවීමේ මෙහෙයුම්වලින් අනතුරුවයි එය පාලනය කළේ.
මෙම කර්මාන්තශාලාව නිසි ආරක්ෂිත උපක්රම භාවිත නොකර, පවත්වාගෙන ගිය බවටද තොරතුරු අනාවරණ වූ බව කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා.
ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැහැ.
මේ අතර කොට්ටාව - මත්තෙගොඩ ප්රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
එය විවෘත කිරීමට පෙර දුමෙන් වැසී තිබී අතර අනතුරුවයි ප්රදේශවාසීන් ඒ පිළිබඳව ගිනි නිවීමේ ඒකකය දැනුවත් කර ඇත්තේ.
ගින්න නිවීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් එම ස්ථානයට පැමිණ ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවට ගිනි නිවීමේ නිලධාරීන් සැක පළ කරනවා.
Update : Sunday, September 18, 2016 : 12.50
...............................................................................................
වත්තල - හුණුපිටිය - දිප්පිටිගොඩ ප්රදේශයේ ප්ලාස්ටික් කර්මාන්තශාලාවක අද අලූයම ගින්නක් හටගෙන තිබෙනවා.
කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ අලූයම හතරට පමණ හටගත් ගින්න විශාල ප්රදේශයක් පුරා පැතිර ගොස් ඇති බවයි.
එය පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 6 ක් එම ස්ථානයට පිටත් කර යවා තිබෙනවා.
තවමත් ගින්න නිවීමේ මෙහෙයුම් ක්රියාත්මක වන අතර අවට පිහිිටි නිවාස වෙත එය පැතිර යාම වැළැක්වීම සඳහා දැඩි අවධානයකින් කටයුතු කරන බව ගිනි නිවීමේ ඒකකයේ ප්රකාශකයෙකු සඳහන් කළා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Follow US
Most Viewed Stories