මාරවිල පියෙකු පුතු සමඟ කනේරු ඇට කයි - දරුවා මරුට, පියා රෝහලේ

Sunday, 18 September 2016 - 6:41

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%2C+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
පියා විසින් කනේරු ඇට සහ සීනි කැවීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මාරවිල - මූදුකටුව ප්‍රදේශයේ අවුරුදු තුනහමාරක කුඩා පිරිමි දරුවෙකු මාරවිල රෝහලේදී මියගොස් තිබෙනවා.

දරුවාට විෂ සහිත ආහාර ලබාදුන් පියාද ඒවා ආහාරයට ගෙන ඇති අතර, ඔහු ද මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

කෙසේ වෙතත් සිද්ධිය පිළිබඳව කරුණු වාර්තා කිරීමෙන් පසු මාරවිල වැඩබලන මහේස්ත්‍රාත් ඞී.එච්.ජයසිංහ නියෝග කර ඇත්තේ සැකකාර පියා මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.

33 හැවිරිදි මෙම පුද්ගලයාගේ බිරිඳ මෑතකදී කිසිවෙකුටත් නොදන්වා විදේශ ගතවී තිබෙනවා.

ඔවුන්ට දරුවන් තුන්දෙනෙකු සිටින අතර වැඩිමහල් පිරිමි දරුවා සහ තවත් ගැහැණු දරුවෙකු මේ වනවිට ළමා නිවාස දෙකක රැඳී සිටින බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

පෙරේදා පස්වරුවේ ඔහු වයස අවුරුදු තුනහමාරක කුඩා දරුවාට කනේරු ඇට කවා තමන්ද ඒවා ආහාරයට ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් රෝහල් ගතකර ඇති අතර, ඊයේ දහවල් කුඩා දරුවා ජීවිතක්ෂයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories