නිව්යෝක් පිපිරීමේ තුවාලකරුවන් සංඛ්‍යාව ඉහළට

Sunday, 18 September 2016 - 8:14

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඇමරිකාවේ නිව්යෝක් නුවරට ආසන්න මැන්හැට්න් ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

පිපිරීමෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති අතර විශේෂ සෝදිසි මෙහෙයුම්ද ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

ඇමරිකාවේ නිව්යෝක් නුවරට ආසන්න මැන්හැට්න් ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් 25 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා ප්‍රකාශ කරනවා.

පිපිරීම පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත්වී නැහැ.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ඇතැම් වාර්තාවල දැක්වුණේ.

පිපිරීම සිදුව ඇති ප්‍රදේශයේ ආපන ශාලා රැසක් ද පිහිටා ඇතැයි සඳහන්.

ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රචාරක රැළියකදී සඳහන් කර ඇත්තේ මෙය බෝම්බ පිපිරීමක් වන්නට ඇති බවයි.

අමරිකාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම ද නොවැම්බර් මස 8 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories