මිනිස් තර්ජන නිසා අලි මෙහෙයුමක් නවතී

Sunday, 18 September 2016 - 12:31

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
මාතලේ, නාවුල, පල්ලෙපොල, අඹන්ගඟ කෝරලයේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගම්මාන රැසක ජනතාවට තර්ජනයක්ව සිටින දසදෙනෙකුගෙන් යුතු වන අලි රංචුව පළවා හැරීමේ මෙහෙයුම් අතරමග නතර කර ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

තමන්ට ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවී ඇති තර්ජන හේතුවෙන් එම පියවර ගන්නා බවයි වනජීවී නිලධාරින් ප්‍රකාශ කළේ.

මෙම වන අලි රංචුව ගිරිතලේ වනජීවී කලාපයට පළවා හැරීමේ මෙහෙයුම් පසුගිය හයවනදා ඇළහැර අඩවි වන නිලධාරීන් ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එය ආරම්භ කරනු ලැබුවේ පසුගිය 17 වනදා සිටයි.

පසුගිය 16 වනදාද වන අලි පහරදීමකින් මාතලේ - රජ්ජම්මන ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු මියගියා.

මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් සහ මියගිය පුද්ගලයාගේ ඥාතීන් වනජීවී නිලධාරීන්ට විරෝධය පළ කිරීමේ සූදානමක් ඇති බවට ලද තොරතුරු මත තමන් අලි මෙහෙයුමෙන් ඉවත්වන බව ඇළහැර අඩවි වන නිලධාරී චන්ද්‍ර බණ්ඩාරනායක කියා සිටියා.

අලි මෙහෙයුම සඳහා මාතලේ - මොරගහමඩ ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකර තිබූ අට්ටාලයද ඉවත් කරගත් බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ ජීවිත හානියක් සිදුවූ විට වනජීවී නිලධාරීන් කඩිනමින් අලි මෙහෙයුම් ආරම්භ කර පසුව අසත්‍ය චෝදනා නගමින් එම කටයුතු අතරමග නතර කර පලා යන බවයි.

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories