ජනපති නිව්යෝක් නුවරට ළඟාවේ

Monday, 19 September 2016 - 7:36

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
ජගත් සංවිධාන 71 වන මහ මණ්ඩල සැසිවාරය හෙට ආරම්භ වනවා.

රටවල් 140 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් මෙවර මහා මණ්ඩල සැසිය පැවැත්වෙන අතර, ඒ සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද උදෑසන ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපල වෙත ළඟාවුණා.

ජනාධිපතිවරයා මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව ඇත්තේ අනිද්දා දිනයේයි.

මේ වනවිට නිව්යෝක් නුවරට ළඟාවී සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර හිරු ප්‍රවෘත්ති අංශය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ හෙට ඇරඹෙන මහා මණ්ඩල සැසිවාරයේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිදුකරනු ලබන අදහස් දැක්වීම පිළිබඳව ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් පවතින බවයි.

කෙසේ වෙතත් ජගත් සංවිධානයේ 71 වන මහා මණ්ඩල සැසිවාරයට මේ වනවිට සියලූ කටයුතු සූදානම් බවයි එහි සිටින හිරු විශේෂ නියෝජිත සුදේව හෙට්ටිආරච්චි සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories