පුස්සැල්ලාවේ පොලිස් ස්ථානාධිපතිත් මාරු කරයි

Monday, 19 September 2016 - 7:47

%E0%B6%B4%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ගම්පොළ - පුස්සැල්ලාව පොලිස් සිර මැදිරිය තුළ වරෙන්තුකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලීසියේ ස්ථානාධිපතිවරයා ගම්පොල පොලිස් ස්ථානය වෙත තාවකාලිකව මාරු කර තිබෙනවා.

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන නිමවනතුරුයි.

මීට පෙර මෙම සිද්ධියට පුස්සැල්ලාව පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කරනු ලැබුවා.  

වරෙන්තුකරුවෙකු පොලිස් සිරමැදිරිය තුළ ගෙළ වැළලාගෙන මියයෑමේ සිද්ධියත් සමඟ වතුකම්කරුවන් පිරිසක් පුස්සැල්ලාව පොලීසිය ඉදිරිපිට විරෝධය පළ කිරීමත් සමඟ ඊයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.  

ඒ, ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් මෙම සිද්ධියට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ නිරත වීම හේතුවෙන්.

උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස කියා සිටියේ මෙම තරුණයාගේ මිය යාම සැක සහිත බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories