දඹදිව වන්දනාවෙන් පසු කාන්තාවන් දෙදෙනෙකු මියයාමට හේතුව අනාවරණවේ

Monday, 19 September 2016 - 7:56

%E0%B6%AF%E0%B6%B9%E0%B6%AF%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%9A
දඹදිව සංචාරයක නිරතව යළි මෙරටට පැමිණීමෙන් පසුව මියගිය හලාවත - ආරච්චිකට්ටුව ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනාගේ මරණයට හේතුව හඳුනා නොගත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් බව හලාවත මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී දිනූෂා ප්‍රනාන්දු පවසනවා.

ඇය කියා සිටියේ මෙය ඉන්ෆ්ලුවෙන්සා එච් වන් - එන් වන් වෛරස් තත්වයක් නොවන බවයි.

මෙම කාන්තාවන් දෙදෙනාට වැළඳී ඇති වෛරසය දරුණු නියුමෝනියාවක් බවද වෛද්‍ය අධිකාරිවරිය සඳහන් කළා.

කෙසේ වෙතත් ඇය කියා සිටියේ  මෙම සංචාරයට එක්වූ සියලුදෙනාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත් බවයි.

මියගිය කාන්තාවන් දෙදෙනා නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේම තවත් පිරිසක් සමඟ අගෝස්තු මස 27 වනදා දඹදිව වන්දනාවේ ගොස් ඇති අතර, යළි දිවයිනට පැමිණ ඇත්තේ පසුගිය 10 වනදායී.

අනතුරුව එක් කාන්තාවක් ශ්වසන ආබාධයක් හේතුවෙන් පසුගිය 12 වනදා හලාවත රෝහලේදී මියගොස් තිබෙනවා.

අනෙක් කාන්තාවද ශ්වසනාබාධයක් හේතුවෙන් මියගියේ පසුගිය 14 වනදායි. මොවුන් දෙදෙනා උණ සහ කැස්ස රෝගී තත්ත්වයන් සඳහා ඉන්දියාවේදී ප්‍රතිකාර ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබෙනවා.

මෙම කාන්තාවන් දෙදෙනා සමඟ දඹදිව චාරිකාවට එක්වු තවත් කාන්තාවන් දෙදෙනෙකු ශ්වසන ආබාධයක් වැළඳීමෙන් හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ආකාර කිහිපයක් මිනිසාට ස්වසන රෝග තත්ත්වයන් ඇති කරන අතර 2004 වසරේ ආසියාකරයේ පැතිරුණු කුරුළු උණද ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයක්.

මේ අතර ඉන්ෆ්ලුවන්සා ඒ.එච්.වන්., එන්. වන් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ මෙරට රජයේ රෝහල්වල නොමැති බවයි සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ.  

 

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories