වාස් ගුණවර්ධන ඇතුලු අටදෙනෙකුට අධිචෝදනා

Monday, 19 September 2016 - 11:08

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%85%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ නිපුන රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 08 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද අධි චෝදනා භාර දුන්නා.

ඒ අනුව මෙම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 06, 07 සහ 08 යන දිනවල විභාග කිරීමටයි මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේ.

දැනට මරණ දඩුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට අමතරව ඔහුගේ බිරිද සහ පුත්‍රයා වන රවිදු ගුණවර්ධන මෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 05 දෙනෙකුටයි මෙලෙස අධි චෝදනා භාර දී ඇත්තේ.

ඊට අමතරව වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත්‍රයා හැර සෙසු විත්තිකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේ.

එමෙන්ම විත්තිකරුවන්ට විදෙස් ගමන් තහනම් කළ විනිසුරුවරිය ගුවන් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසටයි දැනුම් දුන්නේ.

එමෙන්ම සෑම මසකට වරක් පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසද විත්තිකරුවන් නියෝග කෙරුණා.

ඊට අමතරව මොවුන්ගේ ඇඟිලි සලකුනු ලබා ගන්නා ලෙසටයි මහාධිකරණ විනිසුරුවරිය දැනුම් දුන්නේ.

නිපුන රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහරදී තිබුණේ 2009 වසරේ අගෝස්තු මාසයේදීයි.

බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු 06 දෙනෙකුට කොළඹ මහාධිකරණ මරණ දඩුවම නියම කළේ පසුගිය වසරේ නොවැම්බර් මස 27 වැනිදායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories