ජනපති අද ක්ලින්ටන් ගෝලීය සමුළුවට එක්වෙයි

Monday, 19 September 2016 - 18:07

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිව්යෝක් නුවර ෂර්ටන් හෝටලයේ පැවැත්වෙන ක්ලින්ටන් ගෝලීය සමුළුවට අද එක්වනවා.

ජගත් මහාමණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දූත පිරිස ජෝන් එෆ් කෙනඩි ගුවන්තොටුපලින් නිව්යෝක් නුවර වෙත ළගා වූයේ අද පෙරවරුවේදීයි.

ජගත් සංවිධාන 71 වන මහා මණ්ඩල සැසිවාරය හෙට ආරම්භ වන අතර එය 23 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

මෙම සැසියට රටවල් 140 ක රාජ්‍ය නායකයින් සහභාගි වනවා.

මෙවර සැසිවාරයේ තේමාව වනුයේ ‘‘තිරසාර සංවර්ධන ඉලක්ක - ගෝලීය වෙනසක් සඳහා විශ්වීය පෙළඹුමක්’’ යන්නයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව ඇත්තේ අනිද්දා දිනයේදීයි.

ජගත් සංවිධාන මූලස්ථානයේදී පැවැත්වෙන විවෘත රාජ්‍ය සම්බන්ධතා පිළිබඳ වැඩසටහනකට ජනාධිපතිවරයා සහභාගිවීමට නියමිතවයි.

ඇමරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව සංවිධානය කරන සරණාගතයන් සහ සංක්‍රමණිකයින් පිළිබඳ සමුළුවක් ද සැසියට සමගාමීව පැවැත්වෙන අතර මෙහි ප්‍රධානත්වය දරන්නේ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින්.

මේ අතර, නිව්යෝක් නුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්, නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් සමඟ ද ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories