පුංචි ඡන්දය ඉල්ලා පැෆ්රල් ගොනු කළ පෙත්සම විභාගයට

Tuesday, 20 September 2016 - 8:01

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7
සීමා නිර්ණය අවසන් කළ පළාත් පාලන ආයතනවල මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා පැෆ්රල් ආයතනය ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ යළි විභාගයට ගැණුනා.

පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

කෙසේ නමුත්, වගඋත්තරකරුවන්ට නොතීසි නොලැබීම හේතුවෙන් පෙත්සම් විභාගය ඔක්තෝම්බර් 7 වනදා දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ වගකීම පූර්ණ වශයෙන් ගත යුත්තේ අදාල අමාත්‍යාංශය බවට පැෆ්රල් සංවිධානය චෝදනා කරනවා.

ඊයේ පැවති අධිකරණ විභාගයෙන් අනතුරුව අදහස් දැක්වූ එම සංවිධානයේ  විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ට්ආරච්චි ප්‍රකාශ කළේ දශකයකට ආසන්න කාලයක් මැතිවරණ නොපැවැත්වූ පළාත් පාලන ආයතන පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories