කම්කරු වෘත්තීය අරගලය තවදුරටත්

Tuesday, 20 September 2016 - 8:06

%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී සහ නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලේ ඇති වූ ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 14 වන දිනටත් ක්‍රියාත්මකයි.

එම සංගමයේ සභාපති අයි.සී.ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දිවයිනේ පිහිටි සියලුම කම්කරු නිලධාරි කාර්යාලවල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි.

අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කම්කරු නඩු 23,000ක් පමණ ඇණහිට ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, ඊයේ පැවැති සාකච්ඡාවකදී කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න සදහන් කර ඇත්තේ කම්කරු නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව විධිමත්ව සකස් කොට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා මිස ඉන් පරිබාහිර අවිධිමත් ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට නොහැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories