Update : කාන්තාවකට මරු කැඳවූ කන්දකැටියේ රිය අනතුරේ සැකකරු අත්අඩංගුවට

Tuesday, 20 September 2016 - 9:00

Update+%3A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බදුල්ල - කන්දකැටිය මාර්ගයේදී ඊයේ දහවල් කාන්තාවකට මරු කැඳවමින් සහ වයස අවුරුදු එකහමාරක ළදරුවෙකුට සහ තවත් අයෙකුට තුවාල සිදුකරමින් පළාගිය කැබ් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ කන්දකැටිය - වෙළඔය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක්.

පොලීසිය මගහැර සිටි සැකකරු කන්දකැටිය පොලීසිය අත්අඩංගුවට ගත් අතර, අද බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Tuesday, 20 September 2016- 5.26
------------------------------------------------------------------------

බදුල්ල - කන්දකැටිය රෝහල අසළ දී ඊයේ සිදුවූ රිය අනතුරකින් 62 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

කන්දකැටිය රෝහල ඉදිරිපිට මාර්ගයේ කොන්ක්‍රීට් බැම්මක් මත වාඩි වී සිටි පිරිමි පුද්ගලයෙකු මෙම කාන්තාව සහ කුඩා දරුවෙකු කැබ් රථයක ගැටී අනතුරට ලක්වූ අතර පසුව ඔවුන් රෝහල්ගත කෙරුණා.

ඉන් අනතුරුව මිය ගොස් ඇති මෙම කාන්තාව කන්දකැටිය ප්‍රදේශයේම පදිංචිකාරිනියක්.

කැබ් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories