දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට වාහන ගොඩ ගැසේ

Tuesday, 20 September 2016 - 14:03

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%9A
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන පැමිණෙන වාහන කළමනාකරණය කිරීමට කිසිවෙක් කටයුතු නොකිරීම හේතුවෙන් එහි තදබදයක් ඇති වී තිබෙනවා.

හිරු වාර්තාකරු සදහන් කළේ මේ නිසා ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටින් දිවෙන ඒ - 9 මාර්ගයේ ද රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි.

මෙහි වාහන කළමනාකරණය කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනුයුක්ත කර තිබුණ ද පසුගිය 15 වන දා එම නිලධාරියෙකුට ලොරි රථ රියදුරෙකු සිදුකළ පහරදීමක් හේතුවෙන් ඔවුන් සේවයෙන් බැහැර වී තිබෙනවා.

පවතින වාහන තදබදය නිසා තම ඵලදාව විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ගොවීන් ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories