දරුවන් දැකගැනීමට නොලැබුණු සොවින් පියා සියදිවි හානිකරගනී

Wednesday, 21 September 2016 - 7:30

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තම දරුවන් සහ මුණුපුරු මිනිපිරියන් දැකගැනීමට නොහැකිව සිත් තැවුලට පත් 71 හැවිරිදි පුද්ගලයෙකු වස පානය කර සියදිවි හානිකරගැනීමේ ශෝචනීය පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තාවුණා.

මහවෙල - රතලවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ඔහු දඹුල්ල ප්‍රදේශයේ මල්ශාලා හිමිකරුවෙකු වන ඥාති පුතුයෙකුගේ නිවසක නවාතැන් ගෙන සිට තිබෙනවා.

අවස්ථා කිහිපයකදී තම දරුවන් දෙදෙනාට දුරකථන ඇමතුම් ලබාදී පවසා ඇත්තේ තමාට ඔවුන් දැකගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුව පසුගියදා හොරණ ප්‍රදේශයේ පදිංචි එක් පුතෙකු, පියා හමුවීමට පැමිණ තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ මුණුපුරු මිනිපිරියන් දැකගැනීමට මහත් ආශාවෙන් පසුවන බවයි.

එම ඉල්ලීම ඉටු නොකිරීම හේතුවෙන් මියගිය පුද්ගලයා දැඩි සිත්තැවුලට පත්ව සිටි බවට මල්ශාලාවේ හිමිකාර ඥාති පුත්‍රයා පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර තිබෙනවා.










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories