ආධාර ගන්න ගිය කාන්තාවට අමුතු වැඩක් කරන්න ඇරයුම් කළ ග්‍රාම නිළධාරීවරයා කොටුවෙයි

Wednesday, 21 September 2016 - 9:50

%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගං වතුර ආධාර ලබාදීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු ග්‍රාම නිලධාරිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාල්මඩුව ග්‍රාම නිලධාරීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පසුගිය මැයි සහ ජුනි මාසවල ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යට වූ අතර රාල්මඩුව ගම්මානයට ද දැඩි අලාභ හානි සිදුවුණා.

එම අලාභ හානි වෙනුවෙන් රජය විසින් වෙන් කර ඇති ගංවතුර ආධාර ලබාදීම සඳහායි මෙම ග්‍රාම නිලධාරීවරයා තම වසමේ පදිංචි 24 හැවිරිදි විවාහක කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ.

අදාළ කාන්තාව සිදුකළ පැමිණිල්ලකට අනුව වනාතවිල්ලුව පොලීසිය සැකකාර ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories