පස්ගම - නාථ දේවාලයේ ඇත්දළ යුගලය අතුරුදන්

Wednesday, 21 September 2016 - 10:42

%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+-+%E0%B6%B1%E0%B7%8F%E0%B6%AE+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
මහනුවර - පහතහේවාහැට ඓතිහාසික පස්ගම නාථ දේවාලයේ තිබූ වසර 100 කට වඩා ඉපැරණි ඇත්දළ යුගලය සොරකම් කර තිබෙනවා.

දේවාල ද්වාරයේ සියුම් ස්ථානයකින් අලවංගුවක් ඇතුළු කර උළුවස්සේ කොටසක් කඩා මෙම සොරකම සිදුකර ඇති බව පරීක්ෂණ පවත්වන තලාතුඔය පොලිසිය සඳහන් කළා.

මෙම ඇත්දළ යුගලය තැන්පත් කර තිබූ ස්ථානයට ඇතුළු වීමට අවසර ඇත්තේ දේවාලයේ කපු මහතුන් දෙදෙනාට සහ ගිහිභාරකරුට පමණක් බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

වළගම්බා රාජ්‍ය සමයේ මෙම දේවාලය ඉදිකර ඇති අතර, අතුරුදන් වූ ඇත්දළ යුගලය අඩි 6 ක පමණ දිගකින් යුක්ත බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories