සරත් වීරවංශ යළි රිමාන්ඩ්

Wednesday, 21 September 2016 - 10:52

%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශ ලබන මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරු අද (21) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නිවාස සංවර්ධන අධිකාරියේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සරත් වීරවංශව අත්අඩංගුවට ගත්තේ පසුගිය පළවැනිදායි.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා මොහු එම කොට්ඨාශය වෙත පැමිණි අවස්ථාවේදීයි.

විමල් වීරවංශ නිවාස අමාත්‍යවරයාව කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස සිටිමින් රජයේ වාහන අවභාවිතා කර රුපියල් ලක්ෂ 100කට අධික මුදලක් වංචා කරන ලදැයි පොදු දේපල පනත යටතේ මොහුට විරුද්ධව චෝදනා ගොනු කර තිබෙනවා.

සරත් වීරවංශ, හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළේ 2009 වසරේ සිට 2015 වසර දක්වායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories