G.M.Oට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Wednesday, 21 September 2016 - 13:15

G.M.O%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට එරෙහිව පාසල් සුරැකීමේ සංවිධානය අද (21) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ ඔවුන් ජනප්‍රිය පාසල් ඉල්ලා සිටීම මගින් සාමාන්‍ය දෙමව්පියන්ගේ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව පවසමින්.

මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පෙර පාසල් සුරැකීමේ සංවිධානය නියෝජනය කරන දෙමව්පියන් අද පෙරවරුවේ කොටුව දුම්රියපොල ඉදිරිපිට අත් පත්‍රිකා බෙදාදීමේ ක්‍රියාමාර්ගයක ද නිරත වුණා.

එය සිදුකෙරුණේ ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනප්‍රිය පාසල් ඉල්ලා සිදුකෙරෙන පෙළඹවීම්වලට එරෙහිවයි.

මේ අතර, ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකතුව අද උදෑසන කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඒ විදුහල්පති 2, 3 ශ්‍රේණි වල නිලධාරින්ට උසස්වීම් නොලැබීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

අනතුරුව, ඔවුන් දුම්රියපොල ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනිින් පැමිණ් සංදේශයක් ද භාර දුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories