දිස්ත්‍රික්ක රැසක උෂ්ණත්වය ඉහළට

Wednesday, 21 September 2016 - 13:53

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
දිස්ත්‍රික්ක 8 ක දහවල් කාලයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 කින් ද, බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය සහ වව්නියාව දිස්ත්‍රික්කවල සෙල්සියස් අංශක 3 කින් ද ඉහළ ගොස් තිබුණා.

අනුරාධපුර, මඩකලපුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක දෙකකින් ද ඉහළ ගොස් ඇති බවයි නවතම කාලගුණ වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී කාලයේ අවම උෂ්ණත්වය ද ඉහළ ගොස් ඇති බව එහි සඳහන්.

ඊයේ දිනයේ උපරිම උෂ්ණත්වය වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය දැක්වුණේ සෙල්සියස් අංශක 37 ක් ලෙසයි.

අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 යි දශම 4 ක් ලෙස නුවරඑළිය ප්‍රදේශයෙන් සටහන් වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories