බාහිර උපාධිය මිරිඟුවක් - උසස් අධ්‍යාපන ඇමති කියයි

Wednesday, 21 September 2016 - 18:15

%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බාහිර උපාධිය යනු මිරිඟුවක් බව සභානායක සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.

ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යොමුකළ ප්‍රශ්නයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදෙමින්.

මේ අතර ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභාවේ අවධානය යොමු කළ අතර, ඊටද පිළිතුරු ලබාදීමට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලද මැදිහත් වුණා.

එසේම ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්ගේ සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනය කිරීමට අදාළ යෝජනාවද අද විවාදයට ගැනුණා.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවේ නොසන්සුන්කාරීව හැසිරුණා.

මේ අතර ස්වාධීන කොමිෂන් සභා සභාපතිවරුන්ට සහ සාමාජිකයන්ට දීමනා ගෙවීම සදහා වූ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

යෝජනාවට පක්ෂව ඡන්ද 68 ක් ලැබුණු අතර, විපක්ෂව කිසිවෙකුත් ඡන්දය පාවිච්චි කළේ නැහැ.

අදාළ යෝජනාව සදහා ඡන්දයක් ඉල්ලා සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්ද විමසීම පවත්වන අවස්ථාවේ සභා ගැබේ රැදී නොසිටීමත් විශේෂත්වයක්.

මේ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීමේ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories