හුරුළු පාරිසරික උද්‍යානයේ ගින්නෙන් අක්කර 2000කට හානි

Thursday, 22 September 2016 - 7:24

%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+2000%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
හබරණ - හුරුළු පාරිසරික උද්‍යානයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නෙන් අක්කර 2000 කට ආසන්න භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ උද්‍යාන භූමිය මෙන්ම හබරණ, ත්‍රිකුණාමලය මාර්ගයේ දෙපස පිහිටි කැලෑ භූමි ප්‍රදේශයද ගින්නට හසුව ඇති බවයි.

ඊයේ පස්වරුවේ හටගත් මෙම ගින්න පාලනය කිරීම සඳහා පොලීසිය, යුද හමුදාව සහ වනරක්ෂණ නිලධාරීන් මෙන්ම ගුවන් හමුදා හෙලිකොප්ටර් දෙකක්ද යොදාගනු ලැබුවා.

ඊට අමතරව දඹුල්ල නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක්ද ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්නෙන් සිදුවී ඇති පාරිසරික හානිය මෙතෙක් ගණනය කර නොමැති අතර, ගින්නට හේතුවද තවමත් අනාවරණ වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories