යෝෂිත රට යන්න ඉල්ලු පෙත්සම කල්යයි

Thursday, 22 September 2016 - 11:02

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමන්ට විදේශ ගතවීමට අවසර ඉල්ලා සී එස් එන් නාලිකාව සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවෙකු වන යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කර ඇති පෙත්සම සළකා බැලීම ලබන 28 වනදා දක්වා යළි කල් තැබුණා.

මහාධිකරණ විනිසුරු ඒ.ඒ. ආර්. හෙයියන්තුඩුව හමුවේ අද මෙම පෙත්සම සළකා බැලුණු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය සඳහන් කළේ මේ පිළිබඳ සළකා බලා කරුණු දැන්වීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.

යෝෂිත රාජපක්ෂට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මසක කාලයකට  ඕස්ට්‍රේලියාවට යාම සඳහාත්, මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණා.

මෙම මෝසම පෙරේදා මුල්වරට මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව හමුවේ සලකා බැලූණු අවස්ථාවේදීයි එය අද දිනය දක්වා කල් තැබීමටයි විනිසුරුවරයා තීරණය කළේ.

 ඒ සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන වෙනත්  නඩුවකට පෙනී සිටීම හේතුවෙන්.

උපයා ගත් ආකාරය හෙලි කළ නොහැකි මුදල් යොදවා සී එස් එන් නාලිකාව ආරම්භ කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ යෝෂිත රාජපක්ෂ මීට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඔහු ඇප මත මුදා හැරුණේ කොළඹ මහාධිකරණය මඟින්.

එහිදී මහාධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වැලැක්වීමේ නියෝගයක් යෝෂිත රාජපක්ෂට විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව නිකුත් කර තිබුණා.  



 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories