නිව්යෝක් නුවරදී පලස්තීන, ඊශ්‍රායල ගැටුමක්

Friday, 23 September 2016 - 7:20

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%2C+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මැදපෙරදිග අර්බුදය පිළිබදව නිව්යෝක් නුවර පැවැත්වෙන ජගත් සංවිධාන මහා මණ්ඩල සැසිවාරයේදී ඊයේ ඍජු සංවාදයක් හට ගත්තා.

ඒ ඊශ්‍රායල සහ පලස්තීන නායකයන් මහා මණ්ඩලය ඇමතීමත් සමගයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ පලස්තීන අර්බුදය ඊශ්‍රායලයේ යුදෙව් ජනාවාස පිළිබද ගැටලූවක් නොවන බවයි.

පලස්තීනුවන්, ඊශ්‍රායලයේ දේශසීමා පිළිගැනීමට මැලිවීම අර්බුදයට හේතුව ලෙස ඔහු හැඳින්වූවා.

ඊශ්‍රායල දේශයේ පැවැත්ම තහවුරු කරන තුරු අර්බුදය විසදිය නොහැකි වනු ඇතැයි ඔහු කියා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් මහා මණ්ඩලය ඇමතූ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් කියා සිටියේ ඊශ්‍රායලය සිය ජනාවාස පලස්තීන බටහිර ඉවුරේ ව්‍යාප්ත කිරීම නිසා අර්බුදය උත්සන්න වී ඇති බවයි.

එමෙන්ම, ඊශ්‍රායල නායකයා පලස්තීන අර්බුදය සදහා යෝජනා වී ඇති රටවල් දෙකක විසඳුම පිළිබද බලාපොරොත්තු විනාශ කර ඇති බවයි ඔහු අවධාරණය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories