Google සමාගම ස්මාර්ට් දුරකථනවලට වෙනසක් එක් කරයි

Friday, 23 September 2016 - 11:38

Google+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ස්මාර්ට් ජංගම දුරකථනවල chat පහසුකම වඩාත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ගුගල් සමාගම නව ඇප් එකක් හඳුන්වාදී තිබෙනවා.

Google Allo ලෙයසි එය නම්කර ඇත්තේ.

ගුගල් සමාගම පෙන්වා දෙන්නේ මෙම App එක මගින් මිතුරු මිතුරියන් අතර පවතින සංවාද අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙන්ම අවශ්‍යවු විට සහයෝගය ලබාගැනීමට ද හැකියාව පවතින බවයි.

විවිධ කටයුතු සංවිධාන කිරීම / තොරතුරු සොයා ගැනීම මෙන්ම හැගීම් වඩාත් පහසුවෙන් ප්‍රකාශ කිරීමේ අවස්ථා මෙමගින් හිමිවනවා.

සිය මිතුරන්ගෙන් ලැබෙන පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමට Google Allo  හරහා වැඩි වේලාවක් ගත නොවන බවයි Google සමාගම පෙන්වා දෙන්නේ.

ලැබෙන පණිවුඩවලට එසැනින් ප්‍රතිචාර දැක්වීමේ පහසුකමක් ඊට අන්තර්ගත කර තිබෙනවා.

එමෙන්ම පණිවුඩයක් ලැබෙන  විට ඊට දැක්විය හැකි ප්‍රතිචාර ඇතුලත් යෝජනා ද Google Allo හරහා ලබාදීම විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories