කරදියවර මංගල්‍යය පිළිබදව ජනාධිපති විමර්ශනය අවසන්

Friday, 23 September 2016 - 12:12

%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
පසුගිය රජය සමයේ ඉදිකළ හම්බන්තොට වරායට ජලය පිරවීම සදහා පැවැත් වූ කරදියවර මංගල්‍යයට සහ වරාය විවෘත කිරීමේ උත්සවයට රුපියල් ලක්ෂ 1380 ක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම සිදුකළ පරීක්ෂණය අද (23) අවසන් වුණා.

අද දිනයේත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී සහ වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම කොමිසම හමුවේ පෙනී සිටියා.

වරායේ වාර්ෂික අයවැය ලේඛණයට පටහැනිව සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙම උත්සව සඳහා මුදල් වියදම් කර ඇති බවට ලැබී තිබූ පැමිණිල්ලකට අනුවයි කොමිසම විමර්ශන ආරම්භ කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනය අවසන්වීමෙන් පසු එහි වාර්තාව ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි කොමිසමේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories