අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරත රැදවියන් පිරිසක් හෙට යාපනයට

Friday, 23 September 2016 - 12:15

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරත රැඳවියන් අද තුන්වන දිනටත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔවුන් මෙම උපවාසය ආරම්භ කළේ පසුගිය 21 වනදායී.

ඒ, තමන්ට එරෙහිව අපරාධ චෝදනා තිබේ නම් නඩු පවරා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, එසේ නොමැතිනම් නිදහස් කරන ලෙසට බලකරමින්.

කෙසේ නමුත්, පසුගිය දෙදින තුළ බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර ප්‍රතික්ෂේප කළද ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ඉන් ගැටලූවක් ඇති වී නොමැති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුදෙනියගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ.

ඔවුන් නිදහස් කිරීම අධිකරණමය කටයුත්තක් බැවින් ඒ සම්බන්ධයෙන් තමන්ට බලයක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අද දිනයේ උපවාසකරුවන් සමඟ සාකච්ඡා කර විසඳුමකට පැමිණීමට හැකි වෙතැයි තමා අපේක්ෂා කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.   

මේ අතර, උපවාසයේ නිරත රැඳවියන්ගෙන් කිහිප දෙනෙකු හෙට දිනයේ යාපනය බන්ධනාගාරයට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

ඒ යාපනයේ සිටින ඔවුන්ගේ ඥාතීන් දැකබලා ගැනීම සඳහායි.

පවතින නීතිරිතී අනුව සෑම සිරකරුවෙකුටම මේ අවස්ථාව හිමිවන බවයි ඒ පිළිබඳව කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories