වර්ජනයෙන් හම්බන්තොට පළාත් සභා රෝහල් රැසක් අඩපණ වෙයි

Saturday, 24 September 2016 - 12:49

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාශයට අයත් සියලූම දිසා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩල වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මාසික වැටුප නොලැබීම හේතුවෙන් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළ බවයි ජනරජ සෞඛ්‍ය සේවා සංගමය පවසන්නේ.

ඊයේ දිනයේදී මේ මාසයට අදාළ වැටුප ලැබීමට නියමිතව තිබුණ ද මේ වන තෙක් තම මාසික වැටුප ලැබී නොමැති බවද එම සංගමයේ නියෝජ්‍ය ලේකම් ඒ.ඒ. සෝමසිරි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක මෙම වැඩ වර්ජනය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර කටයුතුවලට ද බාධා එල්ල වුණා.

කෙසේ වෙතත්, අද දිනයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා යොමු වන අතර අනෙකුත් සේවාවලින් ඉවත් වන බවයි එම සංගමයේ නියෝජ්‍ය ලේකම් ඒ.ඒ. සෝමසිරි වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ නමුත් හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනාරත්න කියා සිටියේ සඳුදා වනවිට මෙම වැටුප් ගැටළුව නිරාකරණය වනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories