වියළි කාලගුණය මේ මස අග දක්වා

Saturday, 24 September 2016 - 19:19

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%83+%E0%B6%85%E0%B6%9C+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F
දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපා ඇති වියළි කාලගුණය මේ මස අග දක්වා පැවතිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වියළි කාළගුණයෙන් වැඩි බලපෑමක් සිදුව ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයටයි.

වියළි කාළගුණයත් සමග පොළොන්නරුව, අනුරාධපුර, වවුනියාව ලයාපනය ලත්‍රිකුණාමලයල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට බලපෑම් එල්ල වී ඇති අතර වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවටයි.

එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 7 න් 6 කම ජනතාව වියළි කාළගුණයෙන් පීඩාවට පත්ව ඇති අතර, පවුල් 14,348 ක පුද්ගලයින් 52ල514 ක් එලෙස පීඩාවට පත්ව සිටිනවා.

ඉන් වැඩිම පිරිසක් අයත් වන්නේ වැලිකන්ද ප්‍රදේශයටයි.

ළිං සහ ජල මූලාශ්‍ර සිදී යාමෙන් පිරිසිදු පානීය ජලය නොමැති වීම ඔවුන්ගේ ප්‍රධානතම ගැටලුවයි.

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සදහන් කළේ තම පළාත තුළ වියළි කාළගුණයෙන් පීඩා විඳින ජනතාවට ජලය බෙදා හැරීමේ කටයුතු සදහා වැඩපිළිවෙල රැසක් ගෙන ඇති බවයි.

අධික වියළි කාළගුණයත් සමග ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම් සීඝ්‍ර ලෙස පහළ බැස තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ සහ මින්නේරිය ඇතුළු ජලාශවල ජලමට්ටම 50‍්‍ර ට වඩා පහත වැටී ඇති බවයි.

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වයත් සමඟ වන සතුන් ජලය සොයා ගම්මාන අසළ ජල මූලාශ්‍ර අසළට පැමිණ සිටි දක්නට හැකියි.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රා දේශිය ලේකම් කොට්ඨාසයේ ජනතාවද වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ගත වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්.

ඒ සෙල්සියස් අංශක 36.7 ක්.

ඊට අමතරව වවුනියාවට සෙල්සියස් අංශක 36ග3 ක්, පොළොන්නරුවට සෙල්සියස් අංශක 36.2 ක්, පොතුවිල් සෙල්සියස් අංශක 35.4 ක්, මොනරාගල සෙල්සියස් අංශක 35.1 ක් ලෙසින් උෂ්ණත්වය වාර්තා වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories