මාතලේ අලි එළවීමේ මෙහෙයුම යළි ඇරඹේ

Sunday, 25 September 2016 - 6:40

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ප්‍රදේශවාසීන්ගේ විරෝධතා හමුවේ අතරමග නතර කිරීමට සිදුවූ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක වන අලි පළවා හැරීමේ මෙහෙයුම් ඊයේ (24) සිට යළි ආරම්භ කෙරුණා.

කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ එන්. ඩබ්ලිව්. වික්‍රමසිංහ කියා සිටියේ ඇළහැර වනජීවී කාර්යාල නිලධාරීන් එම මෙහෙයුම් සඳහා යොමුකර ඇති බවයි.

මාතලේ, පල්ලෙපොල, අඹන්ගඟ කෝරළේ සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජන ජීවිතය අඩාල කරමින් වන අලි රංචුවක් සැරිසරමින් සිටින අතර වන අලි පහරදීම් හේතුවෙන් ජීවිත කිහිපයක්ද අහිමිවුණා.

පසුගිය 17වනදා නිලධාරීන් විසි දෙදෙනෙකු යොදා අලි මෙහෙයුම් ආරම්භ කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු  කළද ගම්වාසීන්ගේ විරෝධතා හමුවේ එය නතර කිරීමට සිදුවුණා.

ඒ අනුව මාතලේ - රජ්ජම්මන ප්‍රදේශයේ තාවකාලිකව ඉදිරිකර තිබූ කාර්යාලයද ඉවත් කරගනිමින් වනජීවී නිලධාරින් ඇළහැර කාර්යාලය වෙත ආපසු හැරී ගියා.

ප්‍රදේශවාසීන් සමඟ වනජීවී නිලධාරීන් සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි යළි අලි මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories