හම්බන්තොට පලාත් රෝහල් වර්ජනය තවදුරටත්

Sunday, 25 September 2016 - 6:44

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
හම්බන්තොට නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාශයට අයත් සියලූම දිසා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩල ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

මාසික වැටුප නොලැබීම හේතුවෙන් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළ බවයි ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය ප්‍රකාශ කළේ.

පෙරේදා දිනයේදී මේ මාසයට අදාළ වැටුප ලැබීමට නියමිතව තිබුණ ද මේ වනතෙක් වෛද්‍යවරුන්ගේ සහ තම මාසික වැටුප ලැබී නොමැති බවද එම සංගමයේ සභාපති ඩබ්ලිව්.ඒ.ඞී.විමලරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

පෙරේදා පස්වරුවේ සිට ක්‍රියාත්මක මෙම වැඩ වර්ජනය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර කටයුතුවලටද බාධා එල්ල වුණා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා යොමු වූ අතර අනෙකුත් සේවාවලින්ද ඉවත් වුණා.

සිය වැඩවර්ජනය සම්බන්ධයෙන් තවදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ඩබ්ලිව්.ඒ.ඩී. විමලරත්න සඳහන් කළේ මේ දක්වා වගකිව යුතු කිසිදු පාර්ශවයකින් ගැටලූව පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදී නොමැති බවයි.

කෙසේ නමුත්, හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනාරත්න කියා සිටියේ සඳුදා වනවිට මෙම වැටුප් ගැටළුව නිරාකරණය වනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories