ත්‍රිරෝද රථ රියදුරන් සඳහා නව රියදුරු බලපත්‍රයක්

Sunday, 25 September 2016 - 13:12

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරියේදී මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන් සඳහා නව නියාමන වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන් සඳහා නව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසනවා.

2016 වසර වනවිට මෙරට ලියාපදිංචි වී ඇති මුළු වාහන සංඛ්‍යාව හැට තුන් ලක්ෂ තිස් හතර දහස් නවසිය හතලිස් දෙකක් වනවිට ඉන් ලක්ෂ තිස් හතරකට ආසන්න ප්‍රමාණයක් යතුරුපැදි වන අතර, ලක්ෂ 11 කට ආසන්න ප්‍රමාණයක් ත්‍රිරෝද රථ වනවා.

ලියාපදිංචි මුළු වාහන සංඛ්‍යාවෙන් වාහන ලක්ෂ 40 ක් ලක්ෂ 43 ත් අතර ප්‍රමාණයක් දිනකට ධාවනය වන අතර, ඉන් 60% ත් 65 ත් අතර ප්‍රමාණයක් වෙන් වන්නේ ත්‍රි රෝද රථ හා යතුරුපැදිවලටයි.

ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ ඇතැම් මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන්ගේ අපරීක්ෂාකාරී ක්‍රියාවන් මෙවැනි තීරණයක් ගැනීමට හේතු වූ බවයි.

කෙසේ වෙතත්, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේන කියා සිටියේ ත්‍රිරෝථ රථ නියාමනය කිරීම යහපත් ක්‍රියාවක් වුවත්, එවැනි යාන්ත්‍රණයක් සැකසීමට ප්‍රවාහන අමාත්‍යාංශයට බලයක් නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories