රදගුරු සමුළුවට පාප්වහන්සේගෙන් විශේෂ නියෝජිතයෙක්

Sunday, 25 September 2016 - 13:40

%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 11 වන ආසියානු රදගුරු සමුළුවට සහභාගි වන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිතයා නම් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ රන්චි නුවර අගරදගුරුවරයා ලෙස කටයුතු කරන කාදිනල් ෆ්ලැසිඩස් ටොපෝ පියතුමන් මෙලෙස නම් කර ඇති බවයි වතිකානු ගුවන් විදුලිය සඳහන් කළේ.

මෙම සමුළුව නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 04 වනදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි.

ධර්මාධිකාරි සභාව ඉදිරියේ ආසියානු පවුල සහ ශුභාරංචියේ සතුට යන්න මෙවර ආසියානු රදගුරු සමුළුවේ තේමාවයි.

10 වන ආසියානු රදගුරු සමුළුව 2012 වසරේ දෙසැම්බරයේ වියට්නාමයේ - හෝචිමින් නුවරදී පැවැත්වුණා.

 

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories