ජල බැරලයට වැටී දැරියක් මියයයි

Sunday, 25 September 2016 - 14:00

%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කුඩා දැරියක් ජලය පිරවු බැරලයකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් මින්නේරිය - හේන්යාය ප්‍රදේශයෙන් අද වාර්තාවුණා.

නිවසේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී ඇය මෙලෙස  ජල බැරලයකට වැටී ඇති බවටයි වාර්තාවන්නේ.

එම අවස්ථාවේදී දැරියගේ මව වැසිකිලියට  ගොස් සිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ප්‍රදේශයට පවතින වියලි කාලගුණයත් සමඟ දෙමව්පියන් විසින් අදාළ බැරලයට ජලය පුරවා තබා තිබෙනවා.

එම බැරලයට වැටීමෙනුයි දැරිය ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු තුනයි මාස 9 ක් වයසැති පවුලේ එකම දැරියයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories