චීන යුද ගුවන් යානා සිය ගුවන් තලය ආක්‍රමණය කළැයි ජපානයෙන් චෝදනා

Monday, 26 September 2016 - 14:13

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA+%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
චීන යුද ගුවන් යානා 8 ක් ජපාන දිවයින් පෙළක් අතරින් වූ අහස් කුසේ ඊයේ සැරි සැරූ බවට ජපානය චෝදනා කළා.

ඊට බෝම්බ ප්‍රහාරක යානා, ඔත්තු බැලීමේ යානා සහ ප්‍රහාරක ජෙට් යානාවක් ද අයත් වූ බවයි ජපානය ප්‍රකාශ කළේ.

මියාකෝ සමුද්‍ර සන්ධිය ඔස්සේ ඔකිනාවා සහ මියකොජිමා දිවයින් අතර, එම චීන ගුවන් යානා ඊයේ දිනයේ සැරි සැරූ බවයි ජපාන රජයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

තායිවානයට ආසන්නයෙන් පිහිටි මියාකෝ සමුද්‍ර සන්ධිය ක්‍රමෝපාය අතින් වැදගත් ප්‍රදේශයක් ලෙස සැලකෙනවා.

අයිතිය පිළිබද මතභේදයක් පවතින සෙන්කකු දිවයින් පෙළ ද පිහිටා ඇත්තේ ඊට ආසන්නවයි.

එම අවස්ථාවේදී චීන යුද ගුවන් යානා වැළැක්වීම සදහා සිය ප්‍රහාරක ජෙට් යානා යෙදවූ බවයි ජපානය කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories