වැඩිම තීරු බද්දක් ගෙවා ආනයනය කල මෝටර් රථය නිදහස්

Tuesday, 27 September 2016 - 19:30

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%8F+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
මෙරට වැඩිම තීරු බද්දක් ගෙවා ආනයනය කරන ලද මෝටර් රථය රේගුව මගින් ඊයේ නිදහස් කරනු ලැබුවා.

අදාළ මෝටර් රථයේ සම්පූර්ණ වටිනාකම රුපියල් පහළොස් කෝටි අසූ ලක්ෂයක්.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක නමින් ගෙන්වා ඇති එම මෝටර් රථය රොල්ස් රොයිස් ව්රෙයිත් වර්ගයට අයත්.

මෙම රථයේ නිෂ්පාදන වටිනාකම රුපියල් හය කෝටි පනස් ලක්ෂයක් වන අතර එය මෙරටට ගෙන්වීමේදී රුපියල් නවකෝටි තිස් අට ලක්ෂයක තීරු බද්දක් ගෙවීමට සිදුව තිබෙනවා.

මෙය සැලකෙන්නේ මෙරට රේගු ඉතිහාසයේ වැඩිම තීරු බද්දක් ගෙවා නිදහස් කරගත් මෝටර් රථය ලෙසයි.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ තීරු බදු සම්පූර්ණයෙන් ගෙවීමෙන් පසු අදාළ සමාගම විසින් මෝටර් රථය නිදහස් කරගෙන ඇති බවයි.
 
බ්‍රිතාන්‍යයේ ගුඩ් වුඩ් සමාගමේ නිෂ්පාදිත ටොන් 2.4 ක බරකින් යුත් මෙම රොල්ස් රොයිස් මෝටර් රථය දොර දෙකකින් හා වේග 8 ක ස්වයංක්‍රීය ගියර්
පද්ධතියකින්ද සමන්විතයි.







එම මෝටර් රථයේ තවත් ඡායාරූප පහතින්.












Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories